අද දවස කවදාවත් නැති තරම් දිගයි...බෙල් එක ගහන නිමල් අයියගෙ ඔරලෝසුවෙ දැතිරෝද කරකවන්නෙ ඉබෙක් ද මංද...
යං තං නිමල් අයියිඅට බෙල්ල් එක මතක් වෙද්දි මම හිටියෙ රතුකට්ට නිල් වෙලා මල අතේ අරන්..
හමදාම කියන පාලි ගාථා ස්පීකර් වලින් ඇහෙද්දි අපි නැගිටල වඳ ගත්ත....අවුරුදු 10ක් තිස්සෙ පුරුද්දට කලාට මේවයෙ තේරුම දන්න එකක් යැ....
''ඇල්ෆො උඹ අද හවස මොකෝ කරන්නෙ?''
'' හවස ෆුට් බෝල් බං ඇයි උඹට අර චීත්ත රෙද්ද පස්සෙ යන්න ද?''
මුඅටත් ඉතින් ඔය බෝලෙට පයින් ගහගත්තොත් ඇති....
''ඔව් බං ඉස්කෝලෙ ඇරිල ඒකි යන්නෙ කොහෙද කියල බලාගන්න ඕනෙ''
''අනේ මංද බං උඹාත් යමං යමං හැබැයි මම තුනහමාර වෙද්දි ට්‍රේනින්ං ඉන්න ඕනෙ ''
''උඹ එල කොල්ලනෙ බං ගාතා කියල ඉවර වෙන කොටම පනිමු''
''හ්ම්....''
මම ඇල්ෆවත් ඇදගෙන 12 වසර අර පංතිය ගාවට ආවෙ මෙලෝ සිහියක් නැතිව දුවන ලමයි අතරෙ ඒ ඇස් දෙක හොයාගෙන....
මොනවා...දෙයියනේ පන්තිය හිස් ලමයෙක් තියා පාලු බිත්තියක චුක් චුක් ගාන හූනෙක් වත් නැහැ.
''ගොඩනෙ ඉතිං... කෙල්ල මිසිං...'' ඇල්ෆා කිව්වෙ මගෙ උරහිසට අත තියන ගමං..
ඒත් ගේට්‍ටුව පැත්තට ගියානම් මට මිස් වෙන්නත් බැහැ..අනේ මටමනෙ වෙන්නෙ...
හිතන ගමං මම පන්තිය ඇතුලට ගිහින් පුටුවක වාඩි උනා.
''ඉතිං දැන් මෙතන උලම වගේ බලං ඉඳල හරියන්නෙ නෑනෙ බං..හෙට එනවනෙ උඹ කෙලින්ම අහල බලපන්.''ඇල්ෆ එහෙම කිව්වට මට එකපාරට එහෙම අහන ගටක් තාම නැහැ.
''දැං උඹ ගෙදර යමං බං...'' ඇල්ෆ ඇවිත් මා ඉස්සරහම ඩෙසෙක උඩට නැගල වාඩි උනා..
''ඇල්ෆා ඇයි උඹ නිකමට වත් මගෙන් ඇහුවෙ නැත්තෙ..ඇයි මං මට වඩා වැඩි මල් කෙල්ලෙකුට චාටර් වෙන්නෙ කියල?''
මට එහෙම අහන්න හිතුනෙ අන්තිම පීරියඩ් එකෙ පාඩම අස්සෙ...ඒත් ඒ අස්සෙ ඕක අහන්න ගියානම්..පන්තියෙ උන්ටත් චාටර් වෙනව...
''ඇයි උභෙන් මම එහෙම අහන්නෙ?'' මූ මගෙන් අහනව
''නෑ බං ඒක නිකං චාටර් අබ්ලික් කේස් එකක් වගෙ නෙමෙයි ද ?'
''ඕව සමාජෙ මිනිස්සු මවාගත්තු කුනුහරුප බං...කුස්ස... උඹල දෙන්නට දෙන්න ආදරෙයි නම් අනිත් ව අදාල නැහැනෙ බං''
මගෙ හිතේ පිච්චුනු තැනකට ඇල්ෆ අතින් ලාවට බටර් ටිකක් ගැවුනා....
'' උඹ දන්නවද..අපේ අම්ම තාත්තට වැඩිය අවුරුදු 3ක් වැඩිමල් ...තාත්තා මෙඩිකල් කොලේජ් ෆ්ස්ට් ඉයර් ඉද්දි අම්ම තර්ඩ් ඉයර්''
''නෑ....''
මම එහෙම මගුලක් කලින් දැනගෙන හිටියෙ නෑ නෙ හැබැයි කුරුලු ජෝඩුව වගේ තමයි දෙන්න ඉන්නෙ මම තුන් හතර පාරක් දැකල තියනව...
''නෑ නෙමේ බං ..අපේ තාත්තා කියන්නෙ විද්‍යාත්මක මිනිහෙක් එයා හැම දේම බලන්නෙ විද්‍යාත්මක විදියට....දෙයක් පිලිගන්නෙ ඒක විද්‍යාත්මකව ඔප්පු කරන්න පුලුවන්නම් විතරයි...එහෙම ඔප්පු කරන්න බැරිනම් මම තාත්තගෙ පුතා කියලවත් පිලිගන්නෙ නැහැ......''ඌ එහෙම කියල උගෙ චූටි ඇඟිල්ලෙ නියපොත්ත හපන්න ගත්තා....
''එහෙම කිව්වමයි බං මටත් ඔලුවට ආවෙ අපේ අම්මත් තාත්තට වැඩිය මාස ගානක් වැඩිමල්.... අනිත් එක උඹදන්නවද අපේ තාත්ත කතොලික අම්ම බෞද්ධ...''
එහෙම බැලුවොත් මේ ලෝකෙ නොගැල පෙනම දෙන්න අපෙ අම්මයි තාත්තයි ඒත් ඒ දෙන්න තරම් හොඳ දෙමවුපියො දෙන්නෙක් මමවෙන කොහෙවත් දැකලත් නැහැ දකින්න ඕනෙත් නැහැ....
'' නැ .. එතකොට උඹ මොකාද? එතකොට උඹ පන්සිල් ගනිද්දි වැඳ ගෙන ඉන්නෙ..?''
ඇල්ෆා අහනවා ..ඇත්ත තමයි අපි කරන කියන ඒව හැටියට අපේ ජාතිය ආගම ගොයන්න බැහැ නේ...ඉස් ඉස්සල්ලාම ගින්දර හොයාගත්ත ආදිකල්පිත මිනිස්සු වගේඅපිට හම්බවෙන මොකක් හරි ගින්නකට තමයි අපි වඳින්නෙ..
'' මම බෞද්ධ බං... අපේ තාත්ත කවදාවත් ආගම තියා වෙන කිසිම දේකට අපේ අම්මට බලපෑම් කරන්න යන්නෙ නැහැ''
....තාත්ත අපිත් එක්ක පන්සල් යනවා..අම්මා අක්කා බුදුන් වඳිද්දි තාත්ත පොඩි හාමුදුරුවො එක්ක බර කතාවකට වැටෙනව....අපි ගෙදර එද්දිතාත්තා එන්නෙ අපි හැමෝටම වඩා ශාන්ත විදියට...එත් මම දැකල නැහැ අපේ තාත්තා කවදාවත් පල්ලියට යනව...
අපේ ගෙදර බුදු පිලිමෙ ලඟ ජේසු ස්වාමි දරුවන්ගෙයි දේව මෑණියන්ගෙයි පින්තුර තියනවා..ඒකත් ගෙනත් එල්ලල තියෙන්නෙ අපේ අම්මා.....ගෙදර හරියටම තියෙන්නෙ එකම එක බයිබලයයි..ඒකත් තියෙන්නෙ තාත්තගෙ අනිත් අපබ්‍රංස පොත් එක්ක...තාත්තට චේ ගුවේරයි ජේසු ස්වාමිදරුවොයි දෙන්නම එකවගේ විප්ලවවාදියො ..තාත්ත ලියපු එක නිසඳැසක කොටසක් මට තාම මතකයි
^^
දුප්පතා දරු කමට හදාගත් නුඹ දෙදෙන
දරු දුකට කෑ ගැසූ හඬ තවම අප අතර
කුරුසයේ ඇන ගසා වෙඩිතබා බිම හෙලා
නොහැකි විය නසන්නට ජේසු, චේ, ඔබ දෙදෙන
^^
''කුස්ස..ඉතින් මොකද කරන්නෙ?....මෙතනට වෙලා කල්පනා කරකර ඉන්නෙ නැතිව පලයන් ගෙදර හෙට බලමු වෙන දෙයක්....''
''ඕකේ මචං මම යනවා.. හෙට සෙට් වෙමු''
මේ විදියට එයත් හිතනවනම් ......අනේ මට අක්කල නම් හොඳටෝම ඇති.මම මුලු හිතින්ම පතන්නෙ ඔයාට මාව මල්ලියෙක් නොවේවා කියල ...මගෙ සුරංගනාවියෙ..... ගෙදරට එනකම්ම ආවෙ කල්පනා ලෝකෙක...
''මල්ලො...මොකද වෙනද යකෙක් කන්න බඩගිනියි කියගෙන එන මිනිහ ....අද මගදි යකෙක් හම්බවෙලා වගේ''
අක්කටනම් මොනව හරි මීටර් උනා වගේ....අනෙ සුදු අක්කෝ මොර දෙන්න එපා අම්ම ඇවිත් බැලුවොත් මාව අහුවෙනව..අපෙ අම්මට බොරු කරන්න තරම් මම තාම මෝරල මදි...මම හිතින් කියාගෙන අක්ක බල බලා හිටපු පොත ඇදල ගත්තා...
''මොකක්ද බලන්නෙ....සුලඟ වගේ ඇවිදින්....අපෝ මැඩම් මේක දැන් ද කියවන්නෙ ? ''
''ඔව් දැන් තමයි කියවන්නෙ හැබැයි අටවෙනි පාරට...ඒක නෙමෙයි තමුනට මොකද අද උනේ?'' අක්ක අරින්නෙම නැහැ වගේ.
''ආ මටද මටත් මේ වගෙ අක්ක කෙනෙකුට ආදරයක ඇති උනා හලෝ '' මම ඇත්ත කතාවාම ඇද කරල කිව්ව විහිලුවෙන්ම.
''ආ ඇත්තද හොඳයි හොඳයි එහෙනන් මගෙ වයසෙම නෑන කෙනෙක් ගෙනත් දියන් මට....දැන් ගිහින් කනව අද බත් නෙමෙයි ඉඳි ආප්ප''
අක්ක ඉස්සල්ල කියපු කතාවටනම් මාව ටිකක් සැලී ගියවගෙ දැනුනා...ඒත් ඉඳිආප්ප කතාවනම් මට මාර මිහිරි විදියට ඇහුනෙ....
හැමදාම බත් කද්දිත් එපා වෙනවනෙ පොඩි එකාගෙ ආසාවනෙ කියල අම්ම මන් හින්දම තමයි අද ඉඳිආප්ප හදන්න ඇත්තෙ.....තැන්කූ තැන්කූ අම්මා...
දවල්ට කෑවෙත් නැහැ එලම තමයි....දෙන්නං දොඩං කියල හිතාගෙන මම කුස්සියට ගියා...