Bella Swan and Jacob Black - Twilight New Moon
ඔයා කලින්ම ගිහින්.......සමාවෙන්න මම එන්න ටිකක් ප්‍රමාද උනා

Monday, April 4, 2011

හතර වෙන දිග හරුමේ දෙවන කොටස



එක දිගට පීරියඩ් හතරක් පන්තියට වෙලා ඉන්නව කියන්නෙ ඉතින් මරනව වගෙ තමයි..අද ඊට එහා පීරියඩ් හතර හරියට අවුරුදු හතරක් වගෙ දැනුනෙ. සිංහල පීරියඩ් දෙකට  පස්සෙ ඉතිහාසය අපි සර් ට ආදරේට කියන්නෙ ක‍ටුස්සා කියලා හැබයි ස්ර් අපිට ආදරේට කිව්වෙ ඉතිහාසයක් වත් අනාගතයක් වත් නැති අපතයො කියල....


සර් එහෙම කිව්වට .. සර්ගෙ ඉතිහාසය හරිනම් අපිත් ඉතින් පැවතෙන්නෙ මදාවිකම් කරල රටින් පි‍ටුවහල් කරන තරමට තාත්තට එපා වෙච්චි..,  යන එනමං නැතිව ඉද්දි කෑමෙන් විතරක් නෙමෙයි අනිත් හැමදෙයින්ම ආගන්තුක සත්කාර කරපු කෙල්ලට බූට් එක තිබ්බ අයියා කෙනෙකුගෙන්නෙ ඉතින් තව මොන කතාද?

ඉතිහාසයට පස්සෙ ගණන්.. අවුරුද්දක් තිස්සෙ උගන්නලත් අපේ නම් හරියට මතක තියාගන්න බැරි උන සිරා සර් කෙනෙක් තමයි අපිට ගණන් ඉගැන්නුවෙ. ආතල් එකට බර ‍ෆිට් එකෙ පාඩම කලාට මල අතට ගත්තොත් ආයෙ නෙලනව ඇශ්ටි හැලෙන්න.....

යංතං ඉන්ටවල් එකට බෙල් එක ගැහුව ඉතරයි අපෙ උන් ටික ඩෙස් පු‍ටු දෙක තුනක් පෙරලගෙන කාගෙදෝ බත් එකකට සෙට් වෙනව....වෙනදනම් ඉතින් මම තමයි ඔතන මුල...ඒත් අද නං බඩගින්නට වැඩිය හිතේ ගින්න ලොකුයි . බඩගින්න පැත්තක තියල පන්තියෙන් එලියට පැන්නෙ එලියට ගිහින් හුලං ටිකක් හරි වදිද්දි මොකක් හරි විසඳුමක් එක්ක සැනසීමක් ලැබෙයි කියල හිතාන.
මොනව කරන්නද කියල හිතහිත ඉද්දිම මටත් කලින් මාව හොඳට අඳුනන මගෙ කකුල් දෙක මාවත් අරගෙන මේ යන්නෙ ඔ‍ෆිස් එක පැත්තට...

බලමු ඔයා නැති උනොත් ඔයාගෙ සුවඳවත් ඉතුරුවෙලා තියනවද කියල.

''ඕ..යී.....හිටපන් ..කුස්සො'' කවුද? මොරදෙන්නෙ...... ආ ඇල්ෆා පුදුමයි මූ මොකද මේ කෑමත් දාල මගෙ පස්සෙන්.....මූටත් මොනාහරි තේරිලාද මන්දා..නැත්නම් මේ වෙලාවෙ මෙහෙම දුවයි ද?
''මොකෝ බං උඹට වෙලාතියෙන්නෙ උඹ වෙනදා වගේ නෙමෙයි බං විකාර නැතිව කියපං මොකක්ද පරශ්නෙ?'' ඇල්ෆා කතා කරන්නෙ බොක්කෙන් මයි .. මම කොහොමද මූට නොකියා ඉන්නෙ....ඇල්ෆා කියන්නෙ මම කියන දෙයක් තැන තැන කියල නෝණ්ඩි කරන ජාතියෙ එකෙක් නං නෙමෙයි.
ඔන්න ඔහෙ කියලා දානව..කොහොමටත්  අන්තිමට නෙමෙයි ඉස්සෙල්ලාම මේ හැම දෙයක්ම කියන්න වෙන්නෙ මූට තමයි..
''ඇල්ෆො...මචෝ මං මේ කියන්නෙ සිරාවටමයි හැබැයි උඹ කාත් එක්කවත් කියන්න යන්න එපා..මම දන්නව උඹ එහෙම කියන එකෙක් නෙමෙයි කියල...ඒත් මම කිව්වෙ බැරිවෙලාවත් උඹට කලින් කාලකන්නි කට ඉස්සර උනොත් ....''

''හරි බං දැන් මොකෝ වෙලා තියෙන්නෙ? තොට බබෙක් හම්බ වෙන්නද? හැබැයි මම නං නෙමෙයි  මම උඹට මොකුත් කරන්න ගියෙ නැහැ..''
යකෝ ... මූට මේ අස්සෙ වෙන මොනවත් මතක් උනේ නැද්ද අහන්න?
''මේ එහෙම විකාරයක් නෙමේ. @&&$ ..මම දන්නව තොට එහෙම හරියක් කරන්න පුලුවන්කමක් නැහැ කියල....විකාර නැතිව අහපං....''
''කියපං ඉතිං''
'මචං මම උදේ එද්දි........................................ .... .... ....''
මම මේ පැය දෙක තුනට මම මුහුන දුන්න අවුරුද්දක් දිග  කතාව විනාඩි දෙක තුනෙන් කියල දැම්මා....
''උඹේ හීන නං මට අදාල නැහැ ඒත් කෙල්ල දැන් ඇත්තෙ මේන් හෝල් එකේ...යමං කවුද කියල අහැ දාලා බලන්න''  ඇල්ෆා එහෙම කිව්වෙ මගෙ මූන දිහා විනාඩියකුයි ඈත පේන පිට්ටනිය දිහා විනාඩියකුයි හිස් බැල්මෙන් බලාගෙන ඉඳලා....

''මේන් හෝල්,...?'' මම ඇහුව
''ඔව් ඔව් වරෙන් දැන් ‍රැස්වීමක් වගේ එකක් තියල නෙ බං කට්ටිය පන්ති වලට දාන්නෙ''
''හා එහෙනං යමං බලන්න......''
මටත්  ඒ ඇති යන්තම් ඒ මූණ ටිකක් බලාගත්තොත්......
13 වසර කලා පන්ති දෙක අස්සෙන් රිංගල  මේන් හෝල් එක ගාවට ගියා...දොරවල් නම් වහල  එත් ලාවට ඇරල තිබුන ජනේල් වලින් පේනව ඇතුලෙ ඉන්න ලමයිනුයි දෙමවුපියොයි...
''වරෙං ....''
ඒ අස්සෙ  ඇල්ෆා උගෙ අර හොරා පොලිස් ප්‍රිෆෙක්ට් බැජ් එකත් අරන් සාක්කුවෙ ගහගන්න ගමන් මාවත් ඇදන් දොරකුත් ඇරගෙන ඇතුලට ආව.....
පිටිපස්සෙ හිස් පු‍ටු පේලි පහක් විතර තියනවා අතරින් පතර පිපෙට් අයියල අක්කල වාඩි වෙලා... එත් උන්ගෙන් වැඩි හරියක් මාත් එක්ක ශේප් ඇල්ෆටයි මටයි දෙන්නටම ජූනියර් පිපෙට් බැජ් ලබුනෙ එකටමයි ඒත් අපේ ගෙදරින් ආපු බර බරේ නිසා මම ඒක ආපහු දීල නිකන් හිටියා.... ඔය අද උදේ වගේ ඉඳල හිටල එකෙක්  ලොකු සයිස් එකෙන් හිටියට අනිත් උන් මට හිතවත්.

''දැන් ඉතින් හොයපං'' ඇල්ෆ එහෙම කියල ලඟ තිබුනු පු‍ටුවක් ඇදලා වාඩි උනා
අප්පා දැන් හොයපංකො ප්‍රින්සිපල් ගොයියත් ඉන්න ව ඉස්සරහම......

කොහොමටත් ....ආ හරි කෙල්ලගෙ අම්ම වෙන්න ඇති උදේ ලඟ හිටියෙ ඇඳල හිටියෙ ලා නිල් සාරියක්...බලමු සුදු ගවුම්  වලින් හොයනවට වඩා ඒක ලේසියි....

මෙතන ඉඳන් නම් හොයනව බොරු ඉස්සරහට ගිහින් ස්ටේජ් එකටවත් නැග්ගනම්....

මටත් හිතෙන දේවල් ...අම්මපා

ම්ම්හ්ම්.....''ඇල්ෆො  හොයන්න බෑ බං මොකෝ කරන්නෙ?''

''උඹට බැරිනම් මම කොහොමෙයි හොයන්නෙ ... බලහං තව ටිකක්''


'''%ට් ටාං ටීං ටාං...... ටාං ටීං ටාං.....'''

මලා ඒ අස්සෙ බෙල් එකත් ගැහුව නිමල් අංකල්ටත් ඔක ගහනකං නිවනක් නැහැ අම්මපා මොකක් හරි එකක් සෙට් වේගන එනකොටමනෙ මූ හැමදාම ඕක ගහන්නෙ..

''මොනාද බං තියෙන්නෙ දැන් ?'' මම ඇල්ෆගෙන් ඇහුවා

''අවුලක් නැහැ උඹ ශේප් එකේ බලහං...දැං තියෙන්නෙ චිත්‍ර මංනං යන්නෙ නෑ'' ඇල්ෆා දාගෙන උගෙ මහපට ඇඟිල්ලෙ නියපොතු කනවා ... ඌට බෙල් එකේ ගානක් නැහැ.

මටත් මේ අස්සෙ මොන චිත්‍රද? සර් අපි ආවද කියල බලන එකක් යැ අනික පන්ති දෙක තුනක් එකටම දාල උගන්නන නිසා හොයන්නත් අමාරුයි...

''මාත් යන්නෙ නැහැ'' මම ඇල්ෆට කිව්ව.. කොහොමත් අද අර ඇස් දෙකට තව එක පාරක් හරි කතා කරල මිසක් මට වෙන වැඩකට හිත හදා ගන්න බැහැ.

''හ්ම්ම්'' ඇල්ෆා උගෙ පාඩුවෙ නියපොතු හපනවා...කාපං කාපං උ--මට මම නිස හරියට දවල් කන්නත් බැරි උනානෙ කාපං මුලු අතම.... මම හිතෙන් කියගෙන ආයෙ දැම්ම රබර් ඇහැ....

ම් .... ඒ ගමන කට්ටිය නැගිට්ටා...යන්නවත් ද? නෑ නෑ ලමයින්ව අලුත් පන්තිවලට දානව..

කට්ටි කට්ටි හෝල් එකෙන් එලියට යනව.
''වරෙං බං...'' මම ඇල්ෆ වත් ඇදගෙන එලියට ආවෙ දොර ගාවදිවත් මගෙ සුරංගනාවිව අල්ලගන්න හිතාන....

යනව යනව ...තාම නෑ.....................

මෙන්න නිල් පාට සාරියක්........අපෝ නෑ ඒ කොල්ලෙක්  එක්ක ආපු අම්ම කෙනෙක්..

''මේ උඹට සුවර් ද මෙතනින්ම එයි කියලා'' ඒ පාර ඇල්ෆ අහනව

''ඇයි'' මම ඇස් දෙක දොරෙන් අහකට නොගෙනම ඇහුව
''අර එහාපත්තෙ ඇරපු දොරකිනුත් කට්ටිය යනව තොට පේන්නැද්ද''
''ඇත්ත නේන්නම් එහෙනුත් යනව දැන් මොකෝ කරන්නේ ...මම දෙපාරක් නොහිතම එලියට එන අයව පීරගෙන ඇතුලට රිංගුව ආයෙත්.

''සොරි ආන්ටි'' මා අතින් කකුල පෑ ගිලා මූණ බෙරි කරගත්ත ආන්ටි කෙනෙකුට මම එහෙම කියන ගමන් මම ආන්ටිගෙ කකුල දිහා බැලුවෙ ඒක තවම තියනවදෝ කියල ..
මෙන්න එතකොටම කලු සපත්තු දෙකක් ඒ ලඟින්ම......
දෙයියනේ මේ එයාද?

ඔව්....ඒ මගෙ සඳ තමයි .. අර අහස වගේ ඇස් දෙකේ තරු එලි අතරින්...ප්‍රශ්න ගොඩාක් පුරවගෙන මාදිහා මොහොතක් මලන් ඉඳල..අයෙ බිම බලාගෙන යාගෙ ගමන යනවා පාඩුවෙ.....
''ඒයි ....මොකෝ.. ඒකිද කෙල්ල'' ඇල්ෆා මගෙ කන ලඟමයි ඉඳල තියෙන්නෙ.....
''.......ඔව්........'' මගෙ වචනත් හිර වෙලා
''එල ...එල...එහෙනම් යමං පස්සෙන් පන්තිය බලා ගන්න''  ඇල්ෆා කිව්ව
ඌ කියන්න ඉස්සරලා මම ඒ පස්සෙ වැටිල ඉවරයි...


අපි දෙන්නම යනව අර තාරාවි පස්සෙ යන පැටවු වගේ තාලෙට ලතාවට....

''ඒකි බලනව බං උඹ දිහා...උඹව නෝට් ද දන්නෙ නැහැ''

ඇල්ෆා ඒක නොකිව්වත් මම දන්නව මම දැක්ක අර එයත් එක්ක යන එයාටත් වඩා කොට නිල් සාරිය ඇඳපු ආන්ටිට හොරෙන් මා දිහා හොරෙන් බලනව....ඒත් එකම එක පාරකට හරි ලාවට හිනා උනනම් මට ඇති දවසකට ඒත්  හිනාව නම් පේන තෙක් මානයක නැහැ....

කට්ටිය යන්නෙ උසස්පෙල ක්ලාස්වලට සිංහල උගන්නන අශෝකා මිස් එක්ක ඒකියන්නෙ මෙයා හදන්නෙ ආට් කරන්න ...ඔව් ඔව් ඔය යන්නෙ කට්ටියම 12-11 ආට් ක්ලාස් එකට....

ඒකත් හොඳයි මම දන්න කලාවක් නැති උනාට. අපේ පන්තිය මේ පේන දුර නිසා ඔයාව බලන්න ලඟටම එන්න ඕනෙ නැහැ රත්තරන්...

''දැන්  හරිනෙ දැන් කෙල්ල ඔතනින් කොහෙවත් යන්නෙ නැහැ...යමං නෝන්ඩි වෙන්න කලින්'' ඇල්ෆ එහෙම කිව්වට මම කොහොමද යන්නෙ අප්පා..

''හිටපං බං ටිකක්''

'' මටනම් අවුලක් නැහැ ඒත් දැනටමත් උඹේ පැනි හැලිල්ල ඒකිට මාට්‍ටුයි....තව ටිකකින් ඔය ඒකිත්  එක්ක ඉන්න උඹේ නැන්දම්මටත් මාට්‍ටු වෙනව.... අනික උඹ ඔතන බලන් හිටියට වැඩක් වෙන්නෙ නැහැ කොහෙහරි යන තොප්පියක් කඩාවැටෙන්න කලින් යමං..''

මූ කියන්නෙ නම් ඇත්ත තමයි කොහොමටත්  දැන් ඉතින් අත ලඟටම ඇවිත් ඉන්නවනෙ මගෙ සිහින දෙව්දුව. රෑ හීනෙන් විතරක් නෙමෙයි දන් හැබැහින්ම දකින්න පුලුවන් හැමදාමත්....

''යමං''
මම ඇල්ෆටත් කතාකරගෙන ආපහු හැරුනෙ පන්තියට යන්න...


No comments:

Post a Comment