Bella Swan and Jacob Black - Twilight New Moon
ඔයා කලින්ම ගිහින්.......සමාවෙන්න මම එන්න ටිකක් ප්‍රමාද උනා

Wednesday, March 30, 2011

හතර වෙන දිග හරුමේ පලමු කොටස


 



වෙන්න බැහැ ....දෙයියනේ ...ඒත්.....ඇත්ත ඒකනම් 

මේ තරම් තිත්ත ඇත්තක් ජීවිතේ මතක ඇතිකාලෙක අහල නැහැ. .... හිතින් හේතු හදාගන්න බලනව ඒත් හිත දන්නව සිද්දවෙන්න පුලුවන් එකම දේ ඒක විතරයි කියලා...

මතක් කරන්න බැරි තරම් අතීතයක ඉඳන් මගෙ හීනවලින් මගෙ ලඟට ආපු ඒ  රූපය ...හැම හීනෙකදිම ඒ කෙල්ලගෙ රූපයට අසාමාන්‍ය සජීවී පෙනුමක් තිබුනා.
අද ඒ හීන දෙව්දුව හැබැහින් මගෙ ලඟටම ඇවිත්...


ඒත් මට වෙන්නෙ මගේ හිතේ ඇඳිලා තියන සිතුවම් හැම එකක්ම උඩින් කුරු‍ටු ගාලා...ඒ කෙල්ලට කට පුරා '' අක්කේ'' කියන්නද?

'උඹට සුවර් ද  අර ඔ‍ෆිස් එක ඉස්සරහ ඉන්න එවුන් 12 වසරට ආපු එවුන් කියලා...'
මම ආයෙත් ඇල්ෆගෙන් ඇහුවෙ  හිත සැනසෙන්න තරම් පිලිතුරක් බලාපොරොත්තුවෙන් නම් නෙමෙයි.
'' ඔව්...බං. නැත් නම් උඹ හිතුවද උන් 1 වසරට ආපු උන් කියලා..ආපු උන් 12 වසරට ගන්නව මිසක් උනව දාන්න 1 වසරෙ පන්ති මෙහෙ නෑ නෙ ලොක්කො,
ඇයි දැන් මොකක්ද උඹට තියන ප්‍රශ්නෙ? පිනා උඹවත් 12ට ගන්න එන්න කිව්වද ? උඹ ඉන්නෙ අපිව දාල යන්න බැරුව දුකෙන්ද? උඹ දුක් වෙන්න එපාපලයන් අපිට කිසිම දුකක් නැහැ...''
අඩේ ..ඇල්ෆ මගෙ ප්‍රශ්නය බයිට් එකකට ගත්ත වගේ..
මම මොකුත් කිව්වෙ නැහැ මම උගෙ මූණට හැඟීමක් නැති බැල්මක් දාල අහක බලාගත්තා.
'''මොකෝ බං? '' ඒපාර නම් ඇල්ෆ කතාකරන්නෙ සිරා වොයිස් එකකින්..මම අතත් නිකටට ගහගෙන මෙලෝ හසරක් නැතිව හිටිය විදිය ඌට අල්ලල නෑ වගේ.
''ඇයි බං මොකෝ කියහංකො ...කේස් එකක්ද?''
මූට මේක කියලත් බැහැ නොකියත් බැහැ..මුට කිව්වත් ඉතින් ඇල්ෆ කියන්නෙ මම කියන්න දෙයක් හමතැනම කිය කියා යන එකෙකුත් නෙමෙයි.එත්  මෙහෙම දෙයක් කුලුඳුලේම කියන්න නිකන් කිචි කිචි වගේ.
''මේකයි ඇල්ෆ ..දැන් ඔය අලුතෙන්  ඇවිත් ඉන්න උන් ඉන්නවනෙ....''
''ඔව්''  අනේ ඇල්ෆා ඇස් දෙක දික්කරගෙන බලන් ඉන්නවා
''මට ලජ්ජයි බං කියන්න'' මම කිව්වෙ ජෝක් එකට එත් ඌ බලන් හිටපු විදියට ලජ්ජා හිතෙන්නෙ නැත්තෙත් නැහැ
'' මේ උඹේ XX ලැජ්ජාව තියලා කියනවනම් කියපන් නැත්නම් නිකා හිටපන්''
 එල එල මූට මල පැනලා.
 ''හරි සුදූ තලා ගන්න අපා....මම කියන්න ගියෙ මට උන් ගැන දුක හිතුනා බං'' මම කිව්වෙ ඇල්ෆගෙ කරට අතකුත් දාගන්න ගමන්.
'' කා ගැනද? උංගැනද? ඇයි උඹට අමරුව මොකක්ද? උං ආව කියල උඹේ කොහෙද කහන්නෙ?'' මූ ඔරොප්පුවටම නෙ කතාව..
''මගෙ කොහෙවත් කහන්නෙ නැහැ බං... මට දුක හිතුනේ ඖරුදු 11ක් තිස්සෙ රටේ තැන් තැන් වල ඉඳලා කට්ටකාගෙන ඉගෙනගෙන සාපෙ පාස් කරල මුං මෙහෙටම ආවනෙ අපේ වලට බහින්න..''
මම එහෙම කියල ඇල්ෆ දිහා බැලුවා..
''එච්චරද'' ඌ ඇහුවෙ කලින් දික්කරගෙන හිටපු ඇස්දෙක උලුක්කු කොරගෙන ''එච්චරයි තමයි බං '' මමත් ඇඟට පතට නොදැනී කියල දැම්ම....
'' අනේ උඹේ ç.$%@.%/&$$.%@...........'' අප්පට මූ ෆයර් වෙලා මට බනිනව හෝ ගාල..පවුඅප්ප මූ හිතන්න ඇති මම හදන් හිටිය සිරා මූණෙ හැටියට මම කියන්න හදන්නෙත් සිටා කතාවක් කියල.. මම වගේ එකෙකුගෙන් සිරා ටෝකක් බලාපොරොත්තු උනාට ඕකට ඔහොම වෙලා මදි කෑව නේද උදේ පාන්දරම..
ඒත් ඇත්තටම අර මූණනම් හිතල හදාගත්ත එකක් නෙමෙයි....මම මුලින් හිතුවෙ මුට වෙච්ච දේ කියල දාන්න ඒත් කියාගෙන යද්දි තමයි හිතුනෙ කියන්න තරම් දෙයක් සිද්ද උනේ නෑ  කියලා....මොනව උනත් මේ හැමදෙයක්ම අන්තිමට නෙමෙයි ඉස්සල්ලාම කියන්න වෙන්නෙ උඹට තමයි ඇල්ෆො..ඒ ම්නිසා මට සොරිවෙයන්. මම හිතින් හිතුවා.
ඌ තාමත් මගෙ හත් මුතු පරම්පරාවම මතක් කරනවද කොහෙද මුමුන මුමුන.
''ඒ... ඇල්ෆො...සොරි ආ....''
''පල....*@@&....'' මූ අයෙ බනිනවා....


හැමදාම පලවෙනි පීරියඩ් එක සිංහල අදත් එකදිගට සිංහල පීරියඩ් දෙකයි...සිඔහල සර් තමයි අපෙ පංතිය භාරව ඉන්නෙත්.සර්ට වැඩි වයසකුත් නැහැ මාර හොඳයි..ඒත් ඉතින් පාඩම වෙලාවෙ බුලක් ගගල අහු උනොත් නෝන්ඩි කරල තමයි මරන්නෙ...

එහා පත්තෙ හිටිය සද්ගුනවත් කෙලිපැටික්කියෙකුගෙන් ඉල්ලගත්ත සිංහල පොතට මම එබුනෙ ඇල්ෆටත් පොත ලං කරන ගමන්...ඌත් එබුනා කියන්නත් කලින්.  ඒ කියන්නෙ මූ ශේප්....ගොඩ ගොඩ...
සර් කියවනව ඔය ඉස්සර කාලෙ මොකෙද්ද කුරුල්ලෙක් කාගෙද ලියුමක් අරගෙන කොහෙදෝ ගිය කතාවක්....කුරුල්ලා සැලලිහිනියෙක් ලු එහෙනම් ඔය එක එකාගෙ ලියුම් අරගෙන එහෙ මෙහෙ හිහින් අතරමං වෙලාද කොහෙද දැන් සැලලිහිනියෙක් දකින්නවත් නැත්තෙ....
අයිතිකාරය වෙච්ච මටවත් කීකරු නැති හිත් රාහුල හිමියන්ගෙ කවි අතරින් පාවෙලා ගිහින් නැවතුනෙ ආයෙත් අර ඇස්දෙක ගාව...ගොඩාක් අයගෙ වගෙ කලු නොඋන ඒ ඇස් තද අලු පාටයි....පුංචි කාලෙ මගෙ මාලු ටැංකියට දාල තිබුන පුංචි වීදුරු බෝල වගේ දිලිසෙනවා...දිග ඇස් පිහා‍ටු උස්පහත් වෙද්දි මතක් වෙන්නෙ වතුරෙන් ගොඩට ආපු හංසයෙක් ඉහල පහල ගහන අත්ත‍ටු....අමාරුවෙන් එකතු කරලා ඉනට යනකම් ගොතපු ලාවට කැරලි ගැහුනු ගණකම් කොන්ඩ කරල් දෙක...ඒත් අර ඇස් දෙක හීන් කරල..ඔලුව පත්තකට බර කරලා තොල්පෙති තදකරන් දාන හිනාවනම් දැක්කෙ නැහැ..මොනව උනත් අද ඇස් ගැ‍ටුනු සුලු මොහොතට  හීන වලින් දැකල තිබුන ඒ හැම දෙයක්ම අරන් තමයි ඔයා ඇවිත් තියෙන්නෙ කියල මට දැනුන...


''ඒයි ... සාලිය..දැම්ම මේ පැත්තෙ එනවද නැත් නම් ගියවැඩේ ඉවරකරන් එනකම් මම මෙහෙම ඉන්නද?'' කවුද ඒ පුරුදු කට හඬක් කන ලඟමයි...මලා බුදු සර්.....මම ටිං ගාල නැගිට්ටා...
''කොහෙද ගිහින් හිටියෙ...මට තමුනට විතරක් අයෙ මේ පාඩම කරන්න බැහැ නෙ ..ඒක නිසා දැන් පාඩමට ඇවිත් යන දිහාක පස්සෙ යනව ....'' සර් ඔය දැම්මෙ පොඩි කිණ්ඩියක්..ලොකු එකක් දැම්මනම් මට වෙන්නෙ මෙ එකදාස් නමසිය බරගනන් වල බිමට දාපු සිමෙන්තියත් පලාගෙන චුත වෙන්න....සොලි සර්...සොලි මම හිතින් හිතුව...කොහොම උනත් සර් දනව මම බ්ර්යිට නොඋනට තනිකර පිස්සු කෙලින මැටි මෝලක් නෙමෙයි කියල..කෙල්ලො ටිකනම් පොඩි හිනාවක් කට ඇතුලෙම තද කර ගෙන කික් කික් ගානව...
අපෙ පන්තිවල කෙල්ලො කොල්ලො කියල වෙනසක් නැහැ එකෙක් අමරුවක වැ‍ටුනාම බිත්ති හෙල්ලෙන්න හිනාවෙන්න තරම් අපෙ  උන් කුහක නැහැ.
සර් දුන්න උත්තේජනයට පිං සිද්දවෙන්න 
ඉතුරු විනාඩි පනහ පාඩමත් එක්ක හිටියා එත් ඉතින් අර ඇස් දෙක මට කතා කලෙ නැත්තෙමත් නැහැ...

.

No comments:

Post a Comment