Bella Swan and Jacob Black - Twilight New Moon
ඔයා කලින්ම ගිහින්.......සමාවෙන්න මම එන්න ටිකක් ප්‍රමාද උනා

Wednesday, March 30, 2011

හතර වෙන දිග හරුමේ පලමු කොටස


 



වෙන්න බැහැ ....දෙයියනේ ...ඒත්.....ඇත්ත ඒකනම් 

මේ තරම් තිත්ත ඇත්තක් ජීවිතේ මතක ඇතිකාලෙක අහල නැහැ. .... හිතින් හේතු හදාගන්න බලනව ඒත් හිත දන්නව සිද්දවෙන්න පුලුවන් එකම දේ ඒක විතරයි කියලා...

මතක් කරන්න බැරි තරම් අතීතයක ඉඳන් මගෙ හීනවලින් මගෙ ලඟට ආපු ඒ  රූපය ...හැම හීනෙකදිම ඒ කෙල්ලගෙ රූපයට අසාමාන්‍ය සජීවී පෙනුමක් තිබුනා.
අද ඒ හීන දෙව්දුව හැබැහින් මගෙ ලඟටම ඇවිත්...


ඒත් මට වෙන්නෙ මගේ හිතේ ඇඳිලා තියන සිතුවම් හැම එකක්ම උඩින් කුරු‍ටු ගාලා...ඒ කෙල්ලට කට පුරා '' අක්කේ'' කියන්නද?

'උඹට සුවර් ද  අර ඔ‍ෆිස් එක ඉස්සරහ ඉන්න එවුන් 12 වසරට ආපු එවුන් කියලා...'
මම ආයෙත් ඇල්ෆගෙන් ඇහුවෙ  හිත සැනසෙන්න තරම් පිලිතුරක් බලාපොරොත්තුවෙන් නම් නෙමෙයි.
'' ඔව්...බං. නැත් නම් උඹ හිතුවද උන් 1 වසරට ආපු උන් කියලා..ආපු උන් 12 වසරට ගන්නව මිසක් උනව දාන්න 1 වසරෙ පන්ති මෙහෙ නෑ නෙ ලොක්කො,
ඇයි දැන් මොකක්ද උඹට තියන ප්‍රශ්නෙ? පිනා උඹවත් 12ට ගන්න එන්න කිව්වද ? උඹ ඉන්නෙ අපිව දාල යන්න බැරුව දුකෙන්ද? උඹ දුක් වෙන්න එපාපලයන් අපිට කිසිම දුකක් නැහැ...''
අඩේ ..ඇල්ෆ මගෙ ප්‍රශ්නය බයිට් එකකට ගත්ත වගේ..
මම මොකුත් කිව්වෙ නැහැ මම උගෙ මූණට හැඟීමක් නැති බැල්මක් දාල අහක බලාගත්තා.
'''මොකෝ බං? '' ඒපාර නම් ඇල්ෆ කතාකරන්නෙ සිරා වොයිස් එකකින්..මම අතත් නිකටට ගහගෙන මෙලෝ හසරක් නැතිව හිටිය විදිය ඌට අල්ලල නෑ වගේ.
''ඇයි බං මොකෝ කියහංකො ...කේස් එකක්ද?''
මූට මේක කියලත් බැහැ නොකියත් බැහැ..මුට කිව්වත් ඉතින් ඇල්ෆ කියන්නෙ මම කියන්න දෙයක් හමතැනම කිය කියා යන එකෙකුත් නෙමෙයි.එත්  මෙහෙම දෙයක් කුලුඳුලේම කියන්න නිකන් කිචි කිචි වගේ.
''මේකයි ඇල්ෆ ..දැන් ඔය අලුතෙන්  ඇවිත් ඉන්න උන් ඉන්නවනෙ....''
''ඔව්''  අනේ ඇල්ෆා ඇස් දෙක දික්කරගෙන බලන් ඉන්නවා
''මට ලජ්ජයි බං කියන්න'' මම කිව්වෙ ජෝක් එකට එත් ඌ බලන් හිටපු විදියට ලජ්ජා හිතෙන්නෙ නැත්තෙත් නැහැ
'' මේ උඹේ XX ලැජ්ජාව තියලා කියනවනම් කියපන් නැත්නම් නිකා හිටපන්''
 එල එල මූට මල පැනලා.
 ''හරි සුදූ තලා ගන්න අපා....මම කියන්න ගියෙ මට උන් ගැන දුක හිතුනා බං'' මම කිව්වෙ ඇල්ෆගෙ කරට අතකුත් දාගන්න ගමන්.
'' කා ගැනද? උංගැනද? ඇයි උඹට අමරුව මොකක්ද? උං ආව කියල උඹේ කොහෙද කහන්නෙ?'' මූ ඔරොප්පුවටම නෙ කතාව..
''මගෙ කොහෙවත් කහන්නෙ නැහැ බං... මට දුක හිතුනේ ඖරුදු 11ක් තිස්සෙ රටේ තැන් තැන් වල ඉඳලා කට්ටකාගෙන ඉගෙනගෙන සාපෙ පාස් කරල මුං මෙහෙටම ආවනෙ අපේ වලට බහින්න..''
මම එහෙම කියල ඇල්ෆ දිහා බැලුවා..
''එච්චරද'' ඌ ඇහුවෙ කලින් දික්කරගෙන හිටපු ඇස්දෙක උලුක්කු කොරගෙන ''එච්චරයි තමයි බං '' මමත් ඇඟට පතට නොදැනී කියල දැම්ම....
'' අනේ උඹේ ç.$%@.%/&$$.%@...........'' අප්පට මූ ෆයර් වෙලා මට බනිනව හෝ ගාල..පවුඅප්ප මූ හිතන්න ඇති මම හදන් හිටිය සිරා මූණෙ හැටියට මම කියන්න හදන්නෙත් සිටා කතාවක් කියල.. මම වගේ එකෙකුගෙන් සිරා ටෝකක් බලාපොරොත්තු උනාට ඕකට ඔහොම වෙලා මදි කෑව නේද උදේ පාන්දරම..
ඒත් ඇත්තටම අර මූණනම් හිතල හදාගත්ත එකක් නෙමෙයි....මම මුලින් හිතුවෙ මුට වෙච්ච දේ කියල දාන්න ඒත් කියාගෙන යද්දි තමයි හිතුනෙ කියන්න තරම් දෙයක් සිද්ද උනේ නෑ  කියලා....මොනව උනත් මේ හැමදෙයක්ම අන්තිමට නෙමෙයි ඉස්සල්ලාම කියන්න වෙන්නෙ උඹට තමයි ඇල්ෆො..ඒ ම්නිසා මට සොරිවෙයන්. මම හිතින් හිතුවා.
ඌ තාමත් මගෙ හත් මුතු පරම්පරාවම මතක් කරනවද කොහෙද මුමුන මුමුන.
''ඒ... ඇල්ෆො...සොරි ආ....''
''පල....*@@&....'' මූ අයෙ බනිනවා....


හැමදාම පලවෙනි පීරියඩ් එක සිංහල අදත් එකදිගට සිංහල පීරියඩ් දෙකයි...සිඔහල සර් තමයි අපෙ පංතිය භාරව ඉන්නෙත්.සර්ට වැඩි වයසකුත් නැහැ මාර හොඳයි..ඒත් ඉතින් පාඩම වෙලාවෙ බුලක් ගගල අහු උනොත් නෝන්ඩි කරල තමයි මරන්නෙ...

එහා පත්තෙ හිටිය සද්ගුනවත් කෙලිපැටික්කියෙකුගෙන් ඉල්ලගත්ත සිංහල පොතට මම එබුනෙ ඇල්ෆටත් පොත ලං කරන ගමන්...ඌත් එබුනා කියන්නත් කලින්.  ඒ කියන්නෙ මූ ශේප්....ගොඩ ගොඩ...
සර් කියවනව ඔය ඉස්සර කාලෙ මොකෙද්ද කුරුල්ලෙක් කාගෙද ලියුමක් අරගෙන කොහෙදෝ ගිය කතාවක්....කුරුල්ලා සැලලිහිනියෙක් ලු එහෙනම් ඔය එක එකාගෙ ලියුම් අරගෙන එහෙ මෙහෙ හිහින් අතරමං වෙලාද කොහෙද දැන් සැලලිහිනියෙක් දකින්නවත් නැත්තෙ....
අයිතිකාරය වෙච්ච මටවත් කීකරු නැති හිත් රාහුල හිමියන්ගෙ කවි අතරින් පාවෙලා ගිහින් නැවතුනෙ ආයෙත් අර ඇස්දෙක ගාව...ගොඩාක් අයගෙ වගෙ කලු නොඋන ඒ ඇස් තද අලු පාටයි....පුංචි කාලෙ මගෙ මාලු ටැංකියට දාල තිබුන පුංචි වීදුරු බෝල වගේ දිලිසෙනවා...දිග ඇස් පිහා‍ටු උස්පහත් වෙද්දි මතක් වෙන්නෙ වතුරෙන් ගොඩට ආපු හංසයෙක් ඉහල පහල ගහන අත්ත‍ටු....අමාරුවෙන් එකතු කරලා ඉනට යනකම් ගොතපු ලාවට කැරලි ගැහුනු ගණකම් කොන්ඩ කරල් දෙක...ඒත් අර ඇස් දෙක හීන් කරල..ඔලුව පත්තකට බර කරලා තොල්පෙති තදකරන් දාන හිනාවනම් දැක්කෙ නැහැ..මොනව උනත් අද ඇස් ගැ‍ටුනු සුලු මොහොතට  හීන වලින් දැකල තිබුන ඒ හැම දෙයක්ම අරන් තමයි ඔයා ඇවිත් තියෙන්නෙ කියල මට දැනුන...


''ඒයි ... සාලිය..දැම්ම මේ පැත්තෙ එනවද නැත් නම් ගියවැඩේ ඉවරකරන් එනකම් මම මෙහෙම ඉන්නද?'' කවුද ඒ පුරුදු කට හඬක් කන ලඟමයි...මලා බුදු සර්.....මම ටිං ගාල නැගිට්ටා...
''කොහෙද ගිහින් හිටියෙ...මට තමුනට විතරක් අයෙ මේ පාඩම කරන්න බැහැ නෙ ..ඒක නිසා දැන් පාඩමට ඇවිත් යන දිහාක පස්සෙ යනව ....'' සර් ඔය දැම්මෙ පොඩි කිණ්ඩියක්..ලොකු එකක් දැම්මනම් මට වෙන්නෙ මෙ එකදාස් නමසිය බරගනන් වල බිමට දාපු සිමෙන්තියත් පලාගෙන චුත වෙන්න....සොලි සර්...සොලි මම හිතින් හිතුව...කොහොම උනත් සර් දනව මම බ්ර්යිට නොඋනට තනිකර පිස්සු කෙලින මැටි මෝලක් නෙමෙයි කියල..කෙල්ලො ටිකනම් පොඩි හිනාවක් කට ඇතුලෙම තද කර ගෙන කික් කික් ගානව...
අපෙ පන්තිවල කෙල්ලො කොල්ලො කියල වෙනසක් නැහැ එකෙක් අමරුවක වැ‍ටුනාම බිත්ති හෙල්ලෙන්න හිනාවෙන්න තරම් අපෙ  උන් කුහක නැහැ.
සර් දුන්න උත්තේජනයට පිං සිද්දවෙන්න 
ඉතුරු විනාඩි පනහ පාඩමත් එක්ක හිටියා එත් ඉතින් අර ඇස් දෙක මට කතා කලෙ නැත්තෙමත් නැහැ...

.

Monday, March 28, 2011

තුන් වන දිගහැරුම




උදේ නැගිටින එක තරම් එපාකරපු දෙයක් අපිට තියනවද ? මොනව කරන්නද ඉතින් කරුමෙ තමයි.. කවද හරි මේ ඉස්කොලෙ යාම ඉවර උන දාක තමයි. සැනසීම...
.මොනව උනත් ඔක්කොම අමාරු ඉතින් බෑ  බෑ කියාගෙන ඇවිත් බ්ස් කට්ටට නගිනකම් විතරයි ඊටපස්සෙ ඉතින් එකා එකා සෙට් වෙද්දි අවුලක්ම නැහැ...පැයක විතර රස්තියාදුවකින් පස්සෙ යන්තං 7යි 59යයි තප්පර 59ය වෙද්දි ඉස්කෝලෙ ගේට්‍ටුවෙන් අතුල් උනා .....
ම් ... අද මොකද අමුතු වෙනසක් කලින් මීටර් නැති කෙල්ලො කොල්ලො ගොඩාක් ඔෆීස් එක ලඟ ..තනියම ම නෙමෙයි ලමයින්ගෙ අම්මල තාත්තලත් එක්ක..ඇයි යකෝ මුන්ටික සෙට් වෙලා පන්තිවත් කට් කරල ගෙදරින් දෙමවුපියො ගෙන්නලද? නැ වෙන්න බැහැ කෙල්ලො ත් ඉන්නවා....

''ඒයි මොකද කරන්නෙ පරක්කු වෙලා ආව මදිවට මෙතන උලම වගෙ බලාගෙනත් ඉන්නව යනව යනව පන්තියට'' ඒ අස්සෙ පපට් අය්යෙක් ඉඳන් කෑ ගහනවා..

ඇයි යකො මුට තෙරෙන්නෙනැහනෙ මට මතුවෙලා තියන උභ‍තෝකෝටික ප්‍රශ්නය.....
මම කෝකටත් ෆුල් නෝන්ඩි වෙන්න කලින් හාෆ් නෝන්ඩිය කාගෙන පන්තිය පැත්තට ඇද්දා....

ඒත් ඇස් තාම තිබුන තැනමයි  අපිට ඉතින් අමුතු ඒව පේන්නෙ තවත් අමුතු වෙලානෙ..
මෙන්න බොලේ එකියක් කලු සපත්තුත් දාගෙන...
අපේ ඉස්කොලෙ කෙල්ලො කවුරුත් කලු සපත්තු දැම්මෙ නැහැ...ඒ නිසාම මම ආයෙත් බැලුව හොඳට...පහල ඉඳන් උඩටම..ඉඟ සුඟ ගත හැක මිටින...උසත් නැහැ මිටිත් නැහැ...උල් වෙච්ච නිකට...

දෙයියනේ  ..කවුද..
මගෙ සිහින දෙව්දුව නේද මේ.....
කලින් ඇස් දෙකෙන් දැකලා නොතිබුනාට රෑ හීන වලින් දැකලා.. ඒ රූපෙ මගෙ හිත හොඳට අඳුනනවා...ඉණ ලඟට වැ‍ටුනු කොණ්ඩ කරල් දෙක...අහින්සක මූණ ඇයි දෙයියනෙ ඒ ඇස් දෙක.....මට මේ මොනවද වෙන්නෙ?....

''මේ මල්ලි උඹට මම එක සැරයක්  හොඳින් කිව්වා නෙද පලයං බං වද නොදී පන්තියට'' මගෙ මුලු දැහැනම කඩලදැම්මා කවුද බූරුවෙක්....

මගෙ දෙයියෝ අර කලින් කෑ ගහපු පපට් අයියා මගෙ කන ලඟමයි.....යනව මේ යනව බුදුඅයියෙ නෝණ්ඩි කරන්න නම් එපා තව....
මම ගමන ඉකමන් කලා.... ඒත් අප්පා යැවෙන්නෙ නැහැනෙ...

අර ඒ ඇස් දෙක....නොපෙනී යන්න කලින්... අඹ ගහ ගාවින් හැරෙද්දිම මම අයෙ බැලුවා ඒ දිහා.....අනේ ඒ ඇස් මාදිහා බලාන... එත්  ඔය ඇස් වලට උත්තර බඳින්න මට දැන් ඉඩක් නැහැ රත්තරන්...
පන්තියට එද්දි .... එතනත් අවුල් ජාලයක් ... කෙල්ලො ටික මොකක්දෝ එකකට හයියෙන් හිනා වෙවී කතාව...
කොල්ලොටික සෙට් වෙලා බත් එකක් දිග ඇරගෙන ඒක කනවා කනවට වැඩිය නානවා.
වෙන දවසකනම් මේ අවුලට මම තරම් කැමති වෙන එකෙක් නැහැ.

'ඒ කුස්සා එනවනම් වරෙන් අන්තිම ටික යන්නෙ..' ඇල්ෆ කැ ගහනව...

මට මොන බත් ද උගුර..පෙනහලු ..ගල නාලය.... හදවත.... ආමාශය මේ ඔක්කොම හිරවෙලා කී ගානවා..
ඒ ඇස් ....මට ගැලවෙන්න දෙන්නෙම නැහැ..කවුද වස්තුවේ ඔයා..?...
.ඇයි බං අද ‍රැස්වීම නැද්ද? මම ඇහුවෙ බුලතගෙන්.
''දන්නෙ නෑ බං කාපං බත් '' උත් මගුලක් කතා කරනවා...ඇයි යකෝ මුං හත් අවුරුද්දකින් කාල නැහැ වගේ නෙ....මටත් දැන් මල.....
වෙනදට මම ඔයිට එහා කියලා මට මතක් උනේ පස්සෙ...
''මොකෝ උඹට අසනීපයක්ද?..හිටපන් මම අත හෝදගෙන එන්නම්'' ඇල්ෆා ටැප් එකට දිව්වා...
ඌට තේරුනා.... ඔවු යකෝ මට හොඳටම සනීප නැහැ...මම හිතින් මටම කියාගත්තා.
මම තාම මේ ඇඳේ වත්ද මෙ දකින්නෙ හීනයක්ද?.....නෑ වෙන්න බෑ මහෙ හීන වලදි...මගෙ සුරංගනාවි ඇරෙන්න අනිත් දේවල් මෙච්චර සජීවී නැහැ...

අනික මේ අනිත් ඔට්ටපාලුවො කවදාවත් මගෙ හීන වලට රිංගන්නෙ නැහැ....
'මොකෝ බං උඹට බඩේ අමාරුවක් ද?' ඇල්ෆා ඇවිත් ....
 'පලයං බං උඹේ පු‍ටුවට..මොකෝ උඹට වෙලා තියෙන්නෙ' මූආයෙ කැ ගහනාව..
ඇයි යකෝ මම මගෙ පු‍ටුවෙ නෙමේද ඉන්නෙ... නෑ නේන්නම්...
'මට ඇති බඩේ අමාරුවක් නැහැ බං..මොකෝ අද අංශ ‍රැස්වීම නැත්තෙ?'
මම උගෙන් ඇහුවෙ මගෙ සුපුරුදු ඇන්ද ඇද කරපු පු‍ටුවට යන ගමන්..
'නැ බං අද 12 වසරට අලුත් උන් බාර ගන්නවනෙ'
ආ ඒකයි මේ. ඒත් ඒත්..
... මො..මොකක්... එතකොට අර ඔ‍ෆිස් එක ගාව ඉන්නෙ 12 වසරට ආපු අලුත් උන්ද?........

දෙවෙනි දිගහැරුම




අම්මේ..ඒ..ඒ................බඩගිනියි..ඊ...
සුපුරුදු පරිදි මම ගෙදර ආවා කියල  මුලු ගෙදරටම ඇහෙන්න රිපොර්ට් කලා..බඩගිනි උනත් නැතත් ...මම ගෙදරට ගොඩවෙන්නෙනෙම් ඔහොමතමයි..බැරි වෙලාවත් මේ සිද්දිය වෙනස් උනොත් එහෙම ගෙදර හැමෝම දන්නව අද කොල්ලා වෙනස් වෙලා කියල ඉතින්...

බඩගිනි නම් ඉතින් ඔය ඇඳුම් ගලවලා දාලා අඩුමතරමෙ අත් දෙකවත් හෝදගෙන එනව ඉතින්....අක්කත් කන්නෙ දැන්..අම්මා එහෙම කිව්වෙ බලබලා හිටපු පත්තරය නවල තියලා නැගිටින ගමන් මට බත් බෙදන්න....

''එනව ..එතකන් කටක් කවන්න'' මගෙ සුදු අක්කා ... මමත් ඇරියෙ නැහැ පරිප්පුයි,,, බොංචියි....පපඩනුයි..අම්මගෙ ආදරෙන් ටිකයි....ඒකට අක්කගෙ ආදරේත් ටිකක් එකතු උනාම හාල් සේරුවක විතර බත් කන්නපුලුවන්...

එක කටකින්නම් බේරෙන්න දෙන්නෙ නැහැ.....මම අක්ක ලඟින්ම පු‍ටුවකුත් ඇදලා ඉඳගන්න ගමන් හිතුවා...
අක්කත් දන්නව මගෙ හැටි එයා හිනා වෙන ගමන් දෙවෙනි බත් කටත් කැව්වා....එත් එකපාරම එයා කන එකත් නවත්තල මූණත් අමුතු කරන් මගෙ දිහා බලන් ඉන්න ගත්තා..මලා සිග‍රැට් ගඳවත් ආවද? ඔව් ඔව් දැන් ඉතින් කැපියන් පුතා හිමිහිට...මම නගිටල ආයෙත් මගෙ කාමරේට ශේප් වුනා. ''බූරුවා....'' අක්කා කිව්වෙ එච්චරයි... දැන් ඉතින් දවසම අක්කත් එක්ක හැංගිමුත්තන් තමයි හෙට වෙද්දි නං ඔවා අමතකයි. සොරි මගෙ සුදු අක්කෙ ... මම හිතින් සමාව ගත්තා....

''ඔය කොහෙ යන්නද?''  අම්ම අහන්නෙ හරියට මම ගෙදර කරන්න තියන ලොකුවැඩක් මග හැරලා යනවා වගේ.....'සුමුදුලගෙ ගෙදර ගිහින් එන්නම්'
''යන තැනක ගිහින් එතන පැලනොවී අවිත් පොතක් බලාගන්නවා..'' අම්ම වක්‍යය  ඉවල කරද්දි කොල්ල සෑහෙන දුර..
සුමුදුව තමයි මට ගමේ හිටිය අතිජාත මිත්‍රයා.... හිත හොඳ එකා.......මගෙ ඕනෙ බලුවැඩකට ඔහේ එනව...මම නිසා සෑහෙන ක‍ටු කාල තියනවා මේ වෙද්දි....
මේ වෙලාවට වෙල්යාය මැදින් ඇවිදගෙන යද්දි පේන දර්ශනය මාර ලස්සනයි...ඉර එලිය ලා තැඹිලිපාටයි....ඉඳල හිටල කෑගහන කොරවක්කෙකුගෙ සද්දෙ ඇරෙන්න හමදේම නිශ්ශබ්දයි.....බෝක්කුව උඩට වෙලා ටිකක් ඉඳගෙන ඉඳලා යන්නත් හිතෙනවා...එක්කො ඕනෙ නැහැ...සුමුදුවගේ වත්ත කෙලවර වෙන්නෙත් මේ වෙල්යායෙන්ම තමයි උත් එක්කම වැටමායිමේ තියන ඇල ගාවට සෙට් එනවා.....සුමුදුවට තේරෙන සොබාව සෞන්දර්යයක් නම් නැහැ එත් මම කියනදෙයක් අහගෙන ඔහේ ඉන්නව පැත්තකට වෙලා.....
''සු..මු..දෝ......''
මට ඉවර වෙන්නම කෑගහන්න ලැබුනෙ නැහැ..
'ඕයි මං මෙහෙ'
සුමුදුව වතුර අදිනවා වැස්සිට දෙන්නද කොහෙද..
'මොකෝ කරන්නෙ..' මම ඇහුවෙ කතාව පටන් ගන්න පොටක් හොයාගන්න.
'අද මොකුත් කරන්න බැහැ බං ඊයෙ ගහපුවා තාම වැඩ මම නැගිට්ටෙත් හවස් වෙලා' මුටනම් ඇත්තටම විකාරද කොහෙද..ඇයි යකෝ මම බීමක් ගැන කතා කලාද?
ඕක ඔහොම්මම තමයි...
'ඒ කියන්නෙ උඹ අද ඉස්කෝලෙ ගියේ නැහැ' කියන ගමන් මමත් ගත්තා පුරවල තිබුනු වතුර පනිට්‍ටුව.
'නෑ සාලා..ඊයෙ කුරුණෑගල නැන්දාගෙ දුව බැන්දනෙ බං මම උදේ  ආවෙ පන්නගත්තු බාගෙකුත් එකක..අම්මල එද්දි දවල් උනා...උඹත් හිටියනම් ගොඩ'
සුමුදුවට ගෙදරින් මාර නිදහසක් දීල තිබුනා පවුලෙ බාලයා එකම අයියත් රට...තාත්තා නැති උනේ බීලමයි..අම්මා නම් මාර හොඳයි මමයි සුමුදුවයි කියල වෙනසක් නැහැ..අපිට හරිම ආදරෙයි.....


වැස්සිට වතුර දීලා.අපි දෙන්න ඉතින් ලෝකෙ නැති වල්පල් කතා කර කර ගියා ඇල පැත්තට....

මම ගෙදර එද්දි අම්මයි අක්කයි දෙන්නම සෙට් වෙලා ටීවී එක ඉස්සරහා...වෙලාවට තාත්තා එන්න තව වෙලා තියනව..මමත් ගිය නාගන්න වැඩක් තිබුනත් නැතත් මම හැමදාම නාන්න යන්නෙ 7 පහුවෙලා...නාගෙන ඇවිත් ආයෙත් ලාවට වගේ බත් එකක් බෙදාගත්තා ඇයි ඉතින් මේ හැදෙන වයසනෙ අම්ම කියනව වගේ . අය්යා හිටියනම් කියයි මේක 4ටත් කාල ආයෙ 7 වෙද්දි අයෙ කන්නෙ තියන මලපෙරේතකමටනෙ කියල...බත් එකත් අරගෙනම  මමත් සෙට් උනා අම්මල බලන කෙහෙල්මලක් බලන්න හිතාගෙන...
අක්ක එකපාරක් මාදිහා බලල රවල ආයෙත් ටීවීඑක අතුලටම ගියා...
''කන්නත් අරගෙන එන්නෙ මෙතනට'' අම්මත් කිව්වෙ එච්චරයි ..වෙනදනම් .....මේකට ඇහැ ගහන් ඉන්නෙ නැතිව ගිහින් පොතක් බලාගන්නව....කියලත් කියනව කමක් නැහැ පස්සෙ කියයි...
අර එලදෙන 'පබා' අදත් අඬනවා මට ඔය නාට්‍යයෙ පෙන්නන්නම බැරි චරිතෙ තමයි 'පබා' මම කැමති පබාගෙ තාත්තටයි ..අය්යටයි...
'' ඕයි ... ගිහින් අත හෝදගෙන ඇවිත් ගිහින් නිදා ගන්නව දැන් ඔය පිඟානත් බිඳිනව වට්ටල''  ම්ම්...ම්. මලා මට පිඟානත් අතෙ තියගෙන ටීවී එක ඉස්සරහ නින්ද ගිහින්..අක්ක කෑ ගහන්නෙ දවල් මලටත් එක්කද කොහෙද....
ඇයි යකූ දවස තිස්සෙ මහන්සිවෙලා ඉගෙනගෙන ඉගෙනගෙන....අපිට කොච්චර මහන්සිද? මගෙ සුදු අක්කට තේරෙන්නෙ නැහැ ඕවා..
කෝකටත් අම්මට මාට්‍ටු වෙන්න කලින් ගිහින් අත හෝදගෙන ඇවිත් ඇඳට වැ‍ටුනා.. තාත්තත් ඇවිත් අම්ම එක්ක කතාව..මගෙ වෙලාවට මව නොදැක්කෙ.. හෙටවත් මගේ හීන ඉ‍ටුවෙන මල් මල් දවසක් වේවා........ඉතිං මං දොයි

Sunday, March 27, 2011

පළමු දිගහැරුමෙ කලින් දිග නොඇරුන ටික



බස් එක එනකම් කරන්න තියන එකම දේ..හමදාම කරනදේ...අතීතය ...වර්තමානය ...අනාගතය...මැදින් හදවත සරුංගලයක් කරල ඔහේ පාකරන්න  පටන් ගත්තා.
පවුලෙ බාලය නිසා හුරතලේට හැදුනා කිව්වොත් ඒ බොරු..තාත්තා සැරයි එත් ඕනෙ එකටයි එපා එකටයි කෑ ගහලා වනකරන්නෙ නැහැ.අම්මා තමයි අපේ යූසර් ෆ්‍රෙන්ඩ්ලි ඉන්ටර්ෆේස් එක අපේ අම්මට අපිට වඩා අපිව තේරෙනවා.අය්යා නේවි ..ඌනම් නේන තරමටමයි හොඳ උගෙ ගෑස් මට අල්ලන්නෙ නැහැ අක්ක මගෙ පන නොඋනට මම අක්කගෙ පන. මගෙ ලෝක බැංකුව. මම තාම 10 වසර.. එත් කරන්නෙ ලොකු වැඩතමයි.
අම්මයි තත්තයි පොරකාල මට දාපු නම සාලිය අසංක ..සම්පූර්න නම කුඩාපොල උඩවත්තගෙ සාලිය  සමන් අසංක..නම පට්ට දිගයි අපේ රිටා තමයි විසඳුම හොයාගත්තෙ නමේ කෑලි පහේම ඉංග්‍රීසියෙන් මුල් අකුර ගත්තාම  K U S S A ඉතින් මම කුස්සාම උනා ...
මට කියලා ගැන්සියක් හිටියෙ නැහැ ඔය සමහර නවකතා වල වගේ.
 එක එක වෙලාවට එක එක යාලුවො .
..හවස සිග‍රැට් එකට කොටා ...
හවස වූෂු ක්ලාස් එකේ දි ‍ෆිට් එක රිටා...
පන්තියෙ වැඩ වලදි ..ඉගෙනගද්දි.. හිත හොඳ එකා ඇල්ෆා

මෙඋං මගෙ යාලුවො උනාට  මම නැත්නම් උන් අතර සම්බන්දයක් ඇත්තෙම නැහැ.තුන්දෙනා තුන් තැනක තමයි.

.හොඳ බිස්නස් කාරයෙකුගෙ එකම පුතා කොටා.කොටාගෙ නම  වජිර එත් පොරගෙ ශරීර ප්‍රමාණය ඌට කැත නම දුන්නා..එත් මුගෙ නම කොටා උනාට වැඩනම් කොට නැහැ..
රිටා නම් කොටාගෙ අනිත් පැත්ත පට්ට උසයි අම්මා ගුරුවරියක් තාත්තා වැඩකරන්නෙ ස්කාගාර ස්ංස්ථාවෙ හැබැයි පුතා අමද්‍යපයි  නම බුද්ධික හිත හොඳයි...ඒ වගෙම හොඳ ස්පොර්ට් මීට් කොල්ලෙක්.
ඇල්ෆා ගෙ නියම නම ළහිරු බ්‍රයිටා..අනික ඌට ගොඩාක් දුරට මගෙ වගේම හිතුම් පැතුම් තිබුනු එකෙක් අම්මයි තාත්තයි දෙන්නම ඩොකාල..මුට ඇල්ෆා කියන්න හේතුව තමයි සාමාන්‍යයෙන් ග්‍රීක් හෝඩියෙ ඇල්ෆා අක්ශරය ඔය විද්‍යාවෙදි එහෙම යොදාගන්නෙ අනන්තය  අඟවන්න ලුනෙ.ඉතින් මුගෙ වැඩත් අනන්තයක් නැතිනිසා වගෙම මූකරන වැඩත් ඇල්ෆා අකුර වගේ ඇඹරිලා යන ඒව නිසා මූට ඇල්ෆා කියලා රෙජිස්ටර් උනා.
  වෙලාවනම් ගියේ හෝ ගාල හිමිහිට ...එපා වේගන එනකොට කොහොම හරි 3 පහු උනා.සුපුරුදු විදියට අපු බස් කොටේ හුස්..ගාලා පිඹලා මම ඉස්සරහම නැවැත්තුවා. කොහොම හරි රිංගල සුපුරුදු ආසනේ වාඩිගත්තෙ තවත් විනාඩි තිහක මනෝපාරකට සෙට් වෙන්න..

එත් ඉතින් එකපාරම කැඩුනු සිතුවිලි එක්තැන් කරන්නත් අමාරුයි..ජනේලෙන් පේන දේවල් දිහා ඔහේ පාවෙන බැල්මක් හෙලුවෙ අරමුණක් නැතිව..වෙලාවෙ හැටියට සුදු ඇඳුම් නම් පේන්න අඩුයි.ආසාවට එකම එක සුදු ගවුමක් ම්හු නැහැ...
මම කියනදේ අහන් ඉඳලා හිනාවෙන....නිකටෙන් අල්ලලා උස්සල ඇස් දිහා බලන කම් බිම බලන් ඉන්න....මගෙ වැරදි දැක්කාම ඇස් වල කඳුලු පුරෝගන්න ඒත් මට වචනයකින්වත් නෝක්ක්ඩු නොකියන....ඉනගාවට වැටෙන කොන්ඩකරල් දෙකක් ගොතපු....මගෙ උරහිසගාවට විතර උස...පුංචි සුරංගනාවියක්....  ඒ තමයි මගෙ සිහින කුමාරි...
මට හිතෙනව කොහේහරි ඇති එත්...තාමත් ඇස් මානයට නාපු එකයි මගෙ හිතට දුක......ඇල්ෆ නම් කියන්නෙ අපි හැමෝටම අයිති කෙනා ලොකෙ කොහෙ හරි ඇතිලු ..උගෙ ආච්චිගෙ රෙද්ද ඕනෙ වෙලාවෙ නැතිව ලොකෙ කොහෙ හිටියත් වැඩක් තියනවද? අනිත් එක උගෙ තියරියට අනුව ඒ අපිට අයිතිකෙනා අපි බලාපොරොත්තු වෙන කෙනාමද කියල සුවර් කරන්නත් බැරිලු.....උත් එකයි උගෙ ඇල්ෆ තියරියත් එකයි. ගල් මූසලය.....



......ඩාආං...ආයි යකෝ ඔලුව ...රියදුරු දෑතට දෙවි පිහිටයි අපිට එතකොට උගෙ බාප්පගෙ පිහිටද? ඇයි යකො ඔහොමත් බ්‍රේක් ගහනවද? එක අතකට උගෙ බ්‍රේක් එක ඌට කොහොම ගහගන්න බැරිද? මට පලදුන්නෙ අර අහිංසක ඇල්ෆට හිතින් බැනපු එකද කොහෙද? ලාවට රිදෙන ඔලුකට්ට හිතෙන් අතගාගන්න ගමන් මම නැගිට්ටෙ ඉස්සරහ හෝල්ට් එකෙන් මම බහින්න ඕනෙ නිසා......

පළමු දිගහැරුම


දෙකයි හතරයි හයයි හතයි අටයි අටයිපනහයි.ශික් සත පනහක් අඩුයි  ... කොටා බලපන් උඹගාව තව සත පනහක් නැද්ද කියලා.....මම කොටාගෙන් ඇහැවුවේ නැහැ කියලා දැන දැනමයි .ඌත් ලඟ නැහැකියලා දැන දැනම සාක්කු වලට අතදැම්මා. තියන ගාන බ්‍රිස්ටල් එකකටනම් ඇති එත් අපි ජෝන් ප්ලේයර් ලානෙ. අනික දෙන්නෙකුට බ්‍රිස්ටල් එක මදි....
අඩේ නැහැ බං ...තිබිච්ච් හතර තමයි දුන්නෙ ඇයි මදිද.. මදි හිංදා නේන්නං උගුඩුවො ඉල්ලන්නෙ...හිතුව ඉතරයි මම කිව්වෙ නැහැ.
පවු අප්පා මේකා තාම හොයනවා ඒත් ඉතින්ං ඔය සාක්කු වලනම් සල්ලි තියෙන්න බැහැ ඕකගෙ වැඩි හරියක් කලිසම්වල සාක්කු වල අඩිය නැහැ අත් දාගෙනම ඉඳලා ඉරිලා අත දැම්මම අහුවෙන්නෙ වෙන වෙන ඒව..
මහගානක් නෙමෙයි නෙ දෙයියිඅන්ගෙ පිහිටෙන් තිබුනොත් ගොඩ කියලා හිතාන මමත් දැම්මා පොත් බෑග් එකට අත....අඩියටම අත දාන්නත් බයයි මොක්කු ඉන්නවද දන්නෙ නැහැ. මොනාද මේ ..ම්ම් වෙලිච්ච පාං කෑල්ලක්......ගිය සතියෙ නැතිඋන පෑනෙ කොපුව....ඊලඟට හුටා කැරපොත්තෙක් නේද..නෑ..නෑ.. ඊට වඩා හයියයි..මොකක්ද...ආ මේ 555 අයි.සී. එකක්..



කොටත් බලාන ඉන්නවා බලාපොරොත්තු ගොන්නක් හිතේ පොදි බැඳගෙන...ඇයි ඉතින් ඌට හොයන්න කියලා බෑග් එකක් තියෙන එකක් යැ....විෂයන් එකොලහටම පොත් තුනයි....එකොලහක් කිව්වට වැඩිම උනොත් ඕක යන්නෙ විෂයන් හයකට නැත්නම් හතකට...
ම්හු .. නැහැ.. බලමු බෑග් එකේ අනිත් සාක්කුවෙ .....තියේවා තියේවා ....අඩෙ අහූඋනා කාසියක් තමයි සත පනහට වැඩිය ලොකුයි. ගොඩ ගොඩ රුපියල් දෙකක්. හැක්ස් එකකුත් ගන්න පුලුවන්....

හරි යමං  මම කොටාත් ඇදගෙන රිංගුවා සිංහගිරියට. සිංහගිරිය කිව්වෙ අපෙ දුකට සැපට වයස තරාතිරම උනිෆෝම් එක නොබලා සංග්‍රහ කරන කූල් ඉස්පොට් එක...

ඉස්සල්ලම දැම්මා රබර් ඇහැ ...වැඩිය කෞරුත් නැහැ..මහාවිද්දියාලෙ එකෙක් ඉන්නව ... තව දෙන්නෙක් ඉන්නව උන්ගෙ සාක්කු වල බැජ් නැහැ...එකෙකුගෙවත් දකුනු අත පේන්න නැහැ මේසෙ යට...අතේ තියනදේ කෞරුත් දකියි කියල වෙන්න ඇති..සිවිල් පිට ඉන්නෙ එකයි හෝගාල බත් එකක් කනවා.කෝකටත් බලමු.. ම්ම්ම  ආ මෙ කඩේ ගෝලයනෙ අවුලක් නැහැ..
...අංකල් ගොල්ලීෆ් එකයි හැක්ස් එකයි... මම සල්ලිදුන්නා
අංකල් සිග‍රැට් එකයි ටොපියයි දීලා සල්ලි ලාච්චුවට දාගත්තෙ අහක බලාගෙනමයි..ඒ පොරගෙ හැටිඅපි වගෙ ඉස්කෝල ගැටවු ඕනෙ නැති එව්ව ඉල්ලුවාම මිනිහගෙ පිලිවෙල ඕකයි.
...ආ පත්තු කරපං මම දුන්න කොටාට මම කොහොමත් කැමති වෙන එකෙක් පත්තු කරල බීල දෙන කොටේට එතකොට කික් ඒක වැඩියි ..
‍ෆිල්ටරේ විසිකරල හැක්ස් එකත් බෙදාගෙන කටේ දාගන්න ගමන් අපි දෙන්නා ඇදුනෙ බස්ටෑන්ඩ් එකට...
.......කුස්සා මම මෙකෙ එල්ලෙනවා හෙට සෙට් වෙමු කියාගෙන කොටා එල්ලුනා ක‍ටුනායක බස් එකේ..
මම ඉතින් එපා කියන්න යැ... මමත් මොකුත් නොකියම හේත්තුවක් දැම්ම බස් ස්ටෑන්ඩ් එකෙ කනුවකට මම ඉතින් අපේ එකම බස් එක එනකම් තපින්න ඒපෑ තව පැය බාගයක් විතර...