Bella Swan and Jacob Black - Twilight New Moon
ඔයා කලින්ම ගිහින්.......සමාවෙන්න මම එන්න ටිකක් ප්‍රමාද උනා

Monday, March 28, 2011

තුන් වන දිගහැරුම




උදේ නැගිටින එක තරම් එපාකරපු දෙයක් අපිට තියනවද ? මොනව කරන්නද ඉතින් කරුමෙ තමයි.. කවද හරි මේ ඉස්කොලෙ යාම ඉවර උන දාක තමයි. සැනසීම...
.මොනව උනත් ඔක්කොම අමාරු ඉතින් බෑ  බෑ කියාගෙන ඇවිත් බ්ස් කට්ටට නගිනකම් විතරයි ඊටපස්සෙ ඉතින් එකා එකා සෙට් වෙද්දි අවුලක්ම නැහැ...පැයක විතර රස්තියාදුවකින් පස්සෙ යන්තං 7යි 59යයි තප්පර 59ය වෙද්දි ඉස්කෝලෙ ගේට්‍ටුවෙන් අතුල් උනා .....
ම් ... අද මොකද අමුතු වෙනසක් කලින් මීටර් නැති කෙල්ලො කොල්ලො ගොඩාක් ඔෆීස් එක ලඟ ..තනියම ම නෙමෙයි ලමයින්ගෙ අම්මල තාත්තලත් එක්ක..ඇයි යකෝ මුන්ටික සෙට් වෙලා පන්තිවත් කට් කරල ගෙදරින් දෙමවුපියො ගෙන්නලද? නැ වෙන්න බැහැ කෙල්ලො ත් ඉන්නවා....

''ඒයි මොකද කරන්නෙ පරක්කු වෙලා ආව මදිවට මෙතන උලම වගෙ බලාගෙනත් ඉන්නව යනව යනව පන්තියට'' ඒ අස්සෙ පපට් අය්යෙක් ඉඳන් කෑ ගහනවා..

ඇයි යකො මුට තෙරෙන්නෙනැහනෙ මට මතුවෙලා තියන උභ‍තෝකෝටික ප්‍රශ්නය.....
මම කෝකටත් ෆුල් නෝන්ඩි වෙන්න කලින් හාෆ් නෝන්ඩිය කාගෙන පන්තිය පැත්තට ඇද්දා....

ඒත් ඇස් තාම තිබුන තැනමයි  අපිට ඉතින් අමුතු ඒව පේන්නෙ තවත් අමුතු වෙලානෙ..
මෙන්න බොලේ එකියක් කලු සපත්තුත් දාගෙන...
අපේ ඉස්කොලෙ කෙල්ලො කවුරුත් කලු සපත්තු දැම්මෙ නැහැ...ඒ නිසාම මම ආයෙත් බැලුව හොඳට...පහල ඉඳන් උඩටම..ඉඟ සුඟ ගත හැක මිටින...උසත් නැහැ මිටිත් නැහැ...උල් වෙච්ච නිකට...

දෙයියනේ  ..කවුද..
මගෙ සිහින දෙව්දුව නේද මේ.....
කලින් ඇස් දෙකෙන් දැකලා නොතිබුනාට රෑ හීන වලින් දැකලා.. ඒ රූපෙ මගෙ හිත හොඳට අඳුනනවා...ඉණ ලඟට වැ‍ටුනු කොණ්ඩ කරල් දෙක...අහින්සක මූණ ඇයි දෙයියනෙ ඒ ඇස් දෙක.....මට මේ මොනවද වෙන්නෙ?....

''මේ මල්ලි උඹට මම එක සැරයක්  හොඳින් කිව්වා නෙද පලයං බං වද නොදී පන්තියට'' මගෙ මුලු දැහැනම කඩලදැම්මා කවුද බූරුවෙක්....

මගෙ දෙයියෝ අර කලින් කෑ ගහපු පපට් අයියා මගෙ කන ලඟමයි.....යනව මේ යනව බුදුඅයියෙ නෝණ්ඩි කරන්න නම් එපා තව....
මම ගමන ඉකමන් කලා.... ඒත් අප්පා යැවෙන්නෙ නැහැනෙ...

අර ඒ ඇස් දෙක....නොපෙනී යන්න කලින්... අඹ ගහ ගාවින් හැරෙද්දිම මම අයෙ බැලුවා ඒ දිහා.....අනේ ඒ ඇස් මාදිහා බලාන... එත්  ඔය ඇස් වලට උත්තර බඳින්න මට දැන් ඉඩක් නැහැ රත්තරන්...
පන්තියට එද්දි .... එතනත් අවුල් ජාලයක් ... කෙල්ලො ටික මොකක්දෝ එකකට හයියෙන් හිනා වෙවී කතාව...
කොල්ලොටික සෙට් වෙලා බත් එකක් දිග ඇරගෙන ඒක කනවා කනවට වැඩිය නානවා.
වෙන දවසකනම් මේ අවුලට මම තරම් කැමති වෙන එකෙක් නැහැ.

'ඒ කුස්සා එනවනම් වරෙන් අන්තිම ටික යන්නෙ..' ඇල්ෆ කැ ගහනව...

මට මොන බත් ද උගුර..පෙනහලු ..ගල නාලය.... හදවත.... ආමාශය මේ ඔක්කොම හිරවෙලා කී ගානවා..
ඒ ඇස් ....මට ගැලවෙන්න දෙන්නෙම නැහැ..කවුද වස්තුවේ ඔයා..?...
.ඇයි බං අද ‍රැස්වීම නැද්ද? මම ඇහුවෙ බුලතගෙන්.
''දන්නෙ නෑ බං කාපං බත් '' උත් මගුලක් කතා කරනවා...ඇයි යකෝ මුං හත් අවුරුද්දකින් කාල නැහැ වගේ නෙ....මටත් දැන් මල.....
වෙනදට මම ඔයිට එහා කියලා මට මතක් උනේ පස්සෙ...
''මොකෝ උඹට අසනීපයක්ද?..හිටපන් මම අත හෝදගෙන එන්නම්'' ඇල්ෆා ටැප් එකට දිව්වා...
ඌට තේරුනා.... ඔවු යකෝ මට හොඳටම සනීප නැහැ...මම හිතින් මටම කියාගත්තා.
මම තාම මේ ඇඳේ වත්ද මෙ දකින්නෙ හීනයක්ද?.....නෑ වෙන්න බෑ මහෙ හීන වලදි...මගෙ සුරංගනාවි ඇරෙන්න අනිත් දේවල් මෙච්චර සජීවී නැහැ...

අනික මේ අනිත් ඔට්ටපාලුවො කවදාවත් මගෙ හීන වලට රිංගන්නෙ නැහැ....
'මොකෝ බං උඹට බඩේ අමාරුවක් ද?' ඇල්ෆා ඇවිත් ....
 'පලයං බං උඹේ පු‍ටුවට..මොකෝ උඹට වෙලා තියෙන්නෙ' මූආයෙ කැ ගහනාව..
ඇයි යකෝ මම මගෙ පු‍ටුවෙ නෙමේද ඉන්නෙ... නෑ නේන්නම්...
'මට ඇති බඩේ අමාරුවක් නැහැ බං..මොකෝ අද අංශ ‍රැස්වීම නැත්තෙ?'
මම උගෙන් ඇහුවෙ මගෙ සුපුරුදු ඇන්ද ඇද කරපු පු‍ටුවට යන ගමන්..
'නැ බං අද 12 වසරට අලුත් උන් බාර ගන්නවනෙ'
ආ ඒකයි මේ. ඒත් ඒත්..
... මො..මොකක්... එතකොට අර ඔ‍ෆිස් එක ගාව ඉන්නෙ 12 වසරට ආපු අලුත් උන්ද?........

7 comments:

  1. Shaaaaaaaaaaa lassanate liyanewa ayye oya,, keep writing,, wish you all the best :D dull akkige blog eke comment eke dakelay awe mekate,, dan eke kiyawela deweniyate kiyawanne enne oyage blog eke thama,, so ikmante danne hode kathawe :D
    Pooh Girl

    ReplyDelete
  2. ඔයාට පුළුවං නම් සින්ඩියට රෙගිස්ටෙර් කරන්න. එතනින් ඔයගෙ කතවට අස අය එක්‍රොක් වෙවි මල්ලි. මේක මෙහෙම නිකන් අපරාදේ දන්න එපා අපි ෆොලොවර්ස්ලා සෙට් කර ගමු. කතාව ලස්සනට යනවා

    ReplyDelete
  3. @Pooh: බොහොම ස්තුතියි ...ඔයල ඇත්තටම මට හයියක්......
    අර පිස්සු වලහා විනී ඔයගෙ අය්යා ද? එයගෙ යාලුවො දෙන්න සනීපෙන්ද?

    ReplyDelete
  4. @දුල් අක්කා: අනේ මංදා අක්කෙ....සින්ඩියට රික්වෙස්ට් එකක් නම් දැම්මා ඒත් .''ඔබ ඇමතූ සින්ඩියෙන් ප්‍රතිචාරයක් නොමැත''
    අපි වගේ පූසන්ට මාලු නෙමේ ඒවැයෙ ක‍ටුත් නැහැ වගේ..

    ReplyDelete
  5. ඔයා දාන්න ඇත්තේ සිංහල බ්ලොග් කියවනයට වෙන්න ඇති. බලන්න රෙජිස්ටර් උනේ http://sindiya.com/ මේකටද කියලා... ඔකෙ විස්තර කියල තියනව උඩම එතනට ගිහින් මේකේ වෙබ් අඩ්‍රස් එක දෙන්න එයාලා ටික වෙලාවකින් රිජිස්ටර් කර ගන්නාවා. ප්ස්සෙ ඔයා දාන හැම කොටසක්ම ඒ පගෙ එකේ අප්ඩේට් වෙනවා....

    ReplyDelete
  6. @ rawena ayya - ur welcome ayya,, :D he he ow ow ane eya mage ayya wage thama :P :P ahh ae mage yaluwo denna ne ,, ae denna saneepen innewa,, thank you ahawate :) 4 weni kotesath harime lassanay eke kiyawela thama me oyage comment ekate reply karane log une :) take care

    ReplyDelete
  7. දුල් අක්කා http://syndi.lankablogger.info/ මේකනම් වැඩ

    ReplyDelete